ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් ලෙස සලකන ඇල්ල ප්‍රදේශයේ අපජලය ක්‍රමවත් අයුරින් බැහැර කිරිමේ ගැටලුවට විසඳුම් සොයා බැලිම සඳහා විසඳීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
මෙහිදී ජපාන රජය විසින් ඇල්ල ප්‍රදේශයේ පවතින අපජලය බැහැර කිරිමේ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් මිලියන තුන්සියයකට (මිලියන 300) අධික පරිත්‍යාග ද ලබාදීම සිදු කරන ලදි.
මෙම අවස්තාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද, බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, ජපන් තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරින් පිරිසක් ද, ජල සම්පාදන මණ්ඩලය, ඇල්ල ප්‍රාදේශීය සභාව සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ.
Share this story
