බස් අනතුරෙන් පීඩාවට පත් පවුල් සමඟ දුක බෙදාගත් ඇල්ලේ ජනතාව ❤️
About this event
2025.09.04 වන දින සිදුවූ බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් දහතුනක් වෙනුවෙන් එක් පවුලකට රුපියල්.40000/= ක මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමට හා එම බස් අනතුර සිදුවූ අවස්ථාවේ එම පුද්ගලයින් බේරා ගැනීමට ගොස් දැනට රෝහල් ගත වි සිටින අප ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනාට රුපියල්.25000/= ක් බැගින් ලබාදීමට • ඇල්ල ප්‍රාදේශීය ලේකම්තුමා සහ නිලධාරීන් • ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා,මන්ත්‍රීවරුන් සහා නිලධාරීන් • ඇල්ල වෙළඳ සංගමයේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් • ඇල්ල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු පෙරහැර කමිටුවේ සාමාජිකයින් • කිතල් ඇල්ල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු පෙරහැර කමිටුවේ සාමාජිකයින් • ඇල්ල වෑන් රථ සංයමයේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් • ඇල්ල ත්‍රී රෝද රථ සංගමයේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් • මහමෙව්නා භාවනා අසපුව නියෝජනය කරමින් පැමිණි නියෝජිත මහතුන් විසින් ඊයේ දිනයේදී තංගල්ල ප්‍රදේශයට ගොස් එම පවුල් වල අයට ලබා දෙන ලදි. එම අවස්ථාව සඳහා තංගල්ල ප්‍රදේශයට සහභාගී වු විසි දෙදෙනෙක් පමණ වු අපගේ කණ්ඩායමට තංගල්ල වෙළඳ සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්,තංගල්ල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්,තංගල්ල නගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු නිලධාරීන් අපව මහත් ගෞරවයෙන් පිළිගෙන අප හට මග පෙන්වීම් කටයුතුද සිදුකලේය. තවද තංගල්ල වෙළඳ සංගමය විසින් සංවිධානය කර අප හට දිවා ආහාරයද ඉතා උසස් අන්දමින් ලබා දුන් අතර එම කටයුතු සම්බන්ධීකරණය කළ ඇල්ල වෙළඳ සංගමයේ සම ලේකම් මලිත් ද සිල්වා මහතාට හා තංගල්ල වෙළෙඳ සංගමයේ සභාපතිතුමා ඇතුළු සියලු සාමාජිකයින් හට ඇල්ල ප්‍රදේශයේ නියෝජනය කරන සියලු රාජ්‍ය ආයතන හා සංගම් වෙනුවෙන් ඇල්ල වෙළඳ සංගමයේ ගෞරවනීය ස්තුතිය පුද පුදකර සිටිමු.
Event gallery
Related events
More experiences from the Association calendar.
